මැතිවරණ සහ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

ඒ ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාර ගැනීමට නියමිත මෙමස 15 වැනිදා රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභාවට පොලිස් ආරක්ෂාව සපයා ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහායි.

මෙම සාකච්ඡාව සඳහා නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද කැඳවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content