වියලි කාලගුණයත් සමග ජල සම්පාදන ක්‍රම 06ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ගම්පලවත්ත , පුස්සැල්ලාව , කොටගල , පුස්සැල්ල , හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවලට මෙලෙස මුර ක්‍රමයට ජලය සැපයෙනු ඇති.

එමෙන්ම තවත් ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ.

කෙසේවෙතත් තත්ත්වය කළමණාකාරණය කර ගනිමින් අදාළ ප්‍රදේශවලට ජලය නිකුත් කරන බව ද ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

WhatsApp Group

Skip to content