නිසි පරිදි පාරිභෝගිකයින් විසින් ගෙවීම් නොකිරීම හේතුවෙන් රුපියල් මිලියන 9, 500 ක හිඟ මුදලක් අයකරගැනීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙලෙස ගෙවීම් පැහැර හැර ඇති පුද්ගලයින්ගේ ජල සැපයුම් විසන්ධි කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ .
සැපයුම් විසන්ධි කිරීමෙන් අනතුරුව මාස 02 ක් තුළ හිඟ බිල්පත් නොගෙවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇති .

මේ අතර නව ජල සබඳතා දෙලක්ෂ 50,000 කට වැඩි ප්‍රමාණයක් මෙම වසරේ අලුතින් ලබා දීමටයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සැළසුම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content