ජල බිල්පත කෙටි පණිවිඩයක් මගින් ලබාදෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක බවයි එම මණ්ඩලය පවසන්නේ.

ඔක්තෝම්බර් මස 01 වන දා සිට මෙය ක්‍රියාත්මක වනවා.

මෙම ක්‍රමය ලබන වසරේ ජනවාරි 01 වන දා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

 

WhatsApp Group

Skip to content