ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම ඊට අදාල ගෙවීම් සිදු කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතිය උතුරු සහ උතුරු මැද පළාත්වලින් ආරම්භ කරන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

එම නව වැඩසටහන ලබන මාර්තු පළමුවනදා සිට ක්‍රියාත්මකයි.

නව ක්‍රමවේදයට අනුව බිල්පත සමග ලබා දෙන රිසිට්පත බැංකු හර සහ බැර කාඩ්පත්වලින් එම අවස්ථාවේදීම ගෙවීම් කළ හැකි වනවා.

මේ අතර කැළණිය ආශ්‍රිත ප්‍රදේශ රැසකට අද පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැය 12 ක කාලයක් ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

WhatsApp Group

Skip to content