ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක අගෝස්තු මස 21 වනදා සිට බලාත්මක බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය 7%කින්, රජයේ අනුමත පුණ්‍යායතන 6.3% සහ රජයේ රෝහල් 4.5% ක් ඇතුළුව තවත් කාන්ඩ කිහිපයක් යටතේ නව ජල ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ජල ගාස්තු සංශෝධනය යටතේ මාසික සේවා ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content