විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ජල සම්පාදන සහ වතු , යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යය ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේ මෙම සතිය තුළ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව ප්‍රකාශ කළා.

මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබු ජල සම්පාදන මණ්ඩලය මේ වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බව ද ජීවන් තොණ්ඩමන් මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content