ජල ගාස්තු අඩු කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය යනාදි පිරිවැය අඩුවීම සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු යම් ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාවක් පවතින බවට එහිදි තීරණය කළා.

මේ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හරුණුකොට ගෘහස්ත කාණ්ඩය සදහා සියයට 7 කින් ද, රජයේ රෝහල් සඳහා සියයට 4.5 කින් ද, පාසල් සහ පුණ්‍ය ආයතන සදහා සියයට 6.3 කින් ද ජලගාස්තු අඩුවනු ඇති.

මෙහි සමස්ත අඩු කිරීමේ සාමාන්‍ය වන්නේ සියයට 5.94 ක්.

WhatsApp Group

Skip to content