විදුලි ගාස්තුව සියයට 66න් ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා.

මෙහිදී ඒකක 15ත් 20 අතර පාවිච්චි කරන ජල පාර්භෝගිකයන්ට සහ සමෘද්ධිලාභීන්ට මෙමගින් බලපෑමක් නොවන බවද අමාත්‍යවරයා සදහන් කළා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

ජල ගාස්තුව ඉහළ දැමීමේ සැලැස්ම විපක්ෂනායක කාර්යාලය වෙත යොමු කර තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර ජල ගාස්තුව වැඩි කිරීම ගැන පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව අද රැස්වෙන බව අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා වැඩිදුරටත් සදන් කළා.

 

WhatsApp Group

Skip to content