රාජාංගණය සහ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත ඩී සිල්වා මහතා සඳහන් කලේ පසුගිය දින කිහිපයේ රජරට ප්‍රදේශයට ඇද හැලුණ අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස ජලාශ දෙකෙහි වාන් දොරටු විවෘත කල බවයි.

රාජාංගණය ජලාශයේ අඩි 02 බැගින් ගේට්ටු හතරක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි 2,400 ක් පිටවන අතර අංගමුව ජලාශයේ අඩි 03 බැගින් ගේට්ටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ජලය ඝණ අඩි 1,800 ක් නිකුත් කෙරෙනවා.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙ පිහිටි මධ්‍යම ප්‍රමාණයේ වැව් රැසක්ද ජලයෙන් පිරි ඉතිරි පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ

 

WhatsApp Group

Skip to content