වියළි කාලගුණයත් සමග ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සදහන් කළේ ජලාශවල ධාරිතාව සියයට 33 යි දශම 3 ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

එමෙන්ම මහවැලි ජලාශ පද්ධතියේ ධාරිතාව ද සියයට 34 ක් දක්වා පහළ ගොස් ඇති බව සදහන්.

මේ හේතුවෙන් ජල විදුලි ජනනය සමස්ත විදුලි ජනනයෙන් සියයට 16 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මේ අතර පවතින දැඩි නියගයේ බලපෑම් හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට 2 ක් දක්වා අඩු වී ඇති බව සදහන්.

මේ හේතුවෙන් උඩවලව ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දනු ලබන කුඹුරුවලින් අක්කර 65,000 ක් හානි වීමේ අවදානමට ලක්ව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ උඩවලව ජලාශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා.

https://www.vnews.lk/storage/2023/08/SUJEEWA-GUNASEKARA-EDIT-.mp3?_=1

මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය යටතේ උඩවලව වනෝද්‍යානයේ සතුන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව සැපයීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බවුසර් මගින් ජලය බෙදාහැරීමට කටයුතු කර ඇති බව සදහන්.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඔක්තෝබර් මාසය වන තෙක් ප්‍රමාණවත් වැසි නොලැබෙන බවයි.

WhatsApp Group

Skip to content