බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි පතිත වීම හේතුවෙන් මේ වන විට ජලවිදුලි උත්පාදනය ඉහළ නැංවීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනවිරත්න මහතා සදහන් කළේ සියයට 15 ක්ව පැවති ජලවිදුලි උත්පාදනය මේ වන විට සියයට 20 දක්වා ඉහළ නංවා ඇති බවයි.

එමෙන්ම වැසි සහිත කාලගුණයත් සමග විදුලි ඉල්ලුමද අඩු වී ඇති බව සදහන්.

සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ගිගා වොට් පැය 45 ක්ව පැවති විදුලි ඉල්ලුමද ගිගා වොට් පැය 42 දක්වා අඩු වී ඇති බවයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම නිවේදනයේ සදහන් වන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

මන්නාරම, වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට ද වැඩසි ස්වල්පක් ඇති විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content