ජලය පානය කිරීම සඳහා වන සතුන් පැමිණෙන අවස්ථාවලදී ඔහුන් ඝාතනය කර මස් පිණිස අලෙවි කිරීම ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

කතරගම, සෙල්ල කතරගම, තිස්ස ආදී ප්‍රදේශවල පවත්වාගෙන යන ඇතැම් හෝටල්වලට මෙලෙස ඝාතනය කර සතුන් මුදලට අලෙවි කිරීම ඉහල ගොස් ඇතැයි සදහන්.

බොහෝ පිරිස් එම සතුන් මැරීම සඳහා ජලයට විෂ දමා සතුන් මරා දැමීමේ සිද්ධීන් ද මේ වන විට වාර්තා වී ඇති බවත් පොලිසිය අවධාරණය කලා .

එම පුද්ගලයන් ගැන 1992 ක්ෂණික දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද වනජීවී දෙපාර්තමේන්තුව මහජනයාගෙන් ඉල්ලා සිටීනවා.

 

WhatsApp Group

Skip to content