පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ කෑගල්ල සහ කුරුණෑගල පවුල් තුන්දහසකට දැනටමත් පානීය ජල ගැටලු ඇති බවට වාර්තා වන බවයි.

එමෙන්ම පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට 117 දුරකථන අංකය ඔස්සේ ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට දැනුම්දීමේ අවස්තාව සලසා දී තිබෙනවා.
වියළි කාළගුණයත් සමග ජල පරිභෝජනය සියයට 15කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.

ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි අනෝජා කලු‍ආරචිචි මහත්මිය කියා සිටියේ, මේ වනවිට ජල සම්පාදන ක්‍රම 06කින් ජලය නිකුත් කරනු ලබන්නේ මුරක්‍රමයට බවයි.
මේ අතර අද දිනයේත් වයඹ, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල මෙන්ම කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.

WhatsApp Group

Skip to content