ජලයේ ගුණාත්මකභාවය වැඩි කිරීම සහ පිරිවැය අඩු කිරීම සදහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

කෙසේ වෙතත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එමෙන්ම ජල ගාස්තු සංශෝධනය සදහා සූත්‍රයක් ජනවාරි මාසයේ සිට ගෙන ඒමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content