පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ජලභීතිකා රෝගය පැතිරයාමේ අවදානමක් පිළිබදව පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ සුරතල් සතුන් හා කෘෂිකර්මාන්තයේ යෙදෙන සතුන්ට ඇතිවන සංකූලතා පිළිබද ජනතාව අවදානයෙන් සිටිය යුතු බවයි.

එමෙන්ම කිකිළියන් සහ ගවයන් අධික උෂ්ණත්වයට නිරාවරණය වුවහොත් දෛනික බිත්තර සහ කිරි නිෂ්පාදනය ද පහත වැටිය හැකි බව වෛද්‍ය සිසිර පියසිරි මහතා පෙන්වා දෙනවා.

මේ අනුව සුරතල් සතුන්ට සහ ගොවිපළවල්වල සිටින සතුන්ට නිරන්තරයෙන් ජලය සැපයිය යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

WhatsApp Group

Skip to content