මෙරට නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහණය පාලනය කිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිකම හේතුවෙන් ජලභීතිකාව ඉහළ යෑමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට ලක්ෂ හැටකට අධික වීදි සුනඛයින් දිවයින පුරා නිදැල්ලේ සැරිසරන බවට අනාවරණ වි ඇති අතර, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම සුනඛයින්ට වඳ සැත්කම් සිදුකිරීමේ වැඩසටහන ද මේ වන විට අඩපණ වී ඇති බවයි.

කොළඹ නගරය ඇතුළු දිවයින පුරා නගර ආශ්‍රිතව මෙන්ම, පොදු ස්ථානවලදිද නිදැල්ලේ සැරිසරන සුනඛයින් බහුල වශයෙන් එම ස්ථානවල සැරිසරන අයුරු දක්නට ලැබෙනවා.

WhatsApp Group

Skip to content