ජර්මනියේ ප්‍රවාහන මාධ්‍යයන් අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා පවසනවා.

අධික හිමපතනය හේතුවෙන් ජර්මනියේ මියුනිච් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් වාර 760 ක් පමණ අවලංගු කර තිබෙනවා.

ගුවන් යානා අසාමාන්‍ය හිම පතනය හේතුවෙන් ධාවන පථයේ සිර වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් බස් රථ සහ දුම්රිය මාර්ග ඇතු`ඵ අනෙකුත් ප්‍රවාහන ක්‍රම ද අධික හිමපතනය හේතුවෙන් අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම මේ හේතුවෙන් ජර්මනියේ දෛනික වැඩකටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබෙන බව සදහන්.

WhatsApp Group

Skip to content