බොට්ස්වානා රාජ්‍යයේ ජනාධිපති මොග්වීට්සි මසිසී විසින් ජර්මනියට ඇතුන් විසිදහසක් යවන බවට තර්ජනය කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බොට්ස්වානා ජනාධිපතිවරයා මේ තර්ජනය සිදු කර ඇත්තේ දඩයම් කරනු ලබන සත්වයන්ගේ සම් ඇතුළු කොටස් ආනයනය සීමා කළ යුතු බවට ජර්මනියේ පාරිසරික ඇමැති මේ වසරේ මුල් භාගයේදී සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අප්‍රිකානු ඇතුන්ගේ සම් සහ වෙනත් කොටස් ආනයනය කරන යුරෝපයේ විශාලතම රට වන ජර්මනිය එවැනි සීමාවක් පැනවීමෙන් තම රටෙහි ජනතාවට සාගින්නෙන් මිය යෑමට සිදුවනු ඇති බව බොට්ස්වානා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.

WhatsApp Group

Skip to content