අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක් ආරම්භ කිරීම ඊයේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කරනු ලැබුවා.

අනුරාධපුර අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුවයි මෙම බස් රථ සේවාව ආරම්භ කරනු ලැබුවේ.

පොහෝ දින සහ සති අන්තවල අටමස්ථානය ඇතුළු අනුරාධපුර පූජා නගරය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයින්ට අවම මුදලකට අවහිරයකින් තොරව අටමස්ථානය වැදපුදා ගැනීමේ අරමුණ ඇතිව මෙම බස්රථ සේවාව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 50 ක ගාස්තුවකට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා ගමන් කිරීමේ අවස්ථාව මෙම බස් රථ සේවය ආරම්භ වීමත් සමඟ බැතිමතුන්ට හිමිවනවා.

WhatsApp Group

Skip to content