තාවකාලිකව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වසා දැමීමට තීරණය කර ඇති බව උප කුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා පවසනවා

උප කුලපතිවරයාගේ නිල කාමරය අසළට ගොස් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එල්ලකළ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ

එම විශ්වවිද්‍යාලයේ සිසුන් 6 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් මෙලෙස තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් එල්ලකර ඇති බව ද වාර්තා වනවා .

කෙසේ වෙතත් විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ මෙලෙස පංති තහනම් කර ඇත්තේ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කළා .

WhatsApp Group

Skip to content