උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල 03ක් ඊයේ දිනයේදී දියත් කර ඇති බව ජපාන වෙරළාරක්ෂක බලකාය පැවසූ බවට විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

ඒ අනුව එම බලකාය විසින් ජපාන නෞකා සදහා අවධානයෙන් සිටින ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි එම වාර්ථා වල සදහන් වන්නේ.

වසරකට අඩු කාලයක් තුලදී දිගුදුර අවි අත්හදා බැලීම් 03ක් සහ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදු කළ බවට උතුරු කොරියාව පෙරේදා දිනයේදී පිළිගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්ථා තුළ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content