ජපාන විදේශ අමාත්‍යවරයා සහ මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්චාවක් ඊයේ පැවැත්වුණා .
මෙම හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි.

ජපන රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී සිය ස්තූතිය පළ කරනු ලැබුවා
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ මෙහිදී සාකච්ඡා කිරීමටයි කටයුතු කලේ .

යෝජිත සැහැල්ලු දුම්රිය ප්‍රවාහන ව්‍යාපෘතිය අත්හිටුවීම පසුගිය කාලයේ සිදු වූ වැරැද්දක් කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, එය නැවත ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස මෙහිදී ඉල්ලා සිටියා .

එය පෞද්ගලික සහ රාජ්‍ය හවුල් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බවයි ජපාන විදේශ අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ .

WhatsApp Group

Skip to content