ජපානය සහ තායිවානය සබඳතා තර කර ගනී.ඒ, චීනය විසින් තායිවාන සමුදා සන්ධිය තුළ සිදුකරමින් ඇති අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේයි.

තායිවානය සිය පාලනයට නතු භූමියක් ලෙස සලකන චීනය, තායිවානය තුන්වන පාර්ශවයක් සමග රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවල නිරත වීමට දැඩි විරෝධයක් දක්වනවා.
කෙසේවෙතත් චීනයෙන් එල්ල වන බලපෑම් නොතකා තායිවාන උප අග්‍රාමාත්‍ය චෙං වෙන්-ට්සාන් ජපානයට පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී ඔහු ජපාන නීති සම්පාදකයින් පිරිසක් ද හමුවී තිබෙනවා. තායිවාන උප අග්‍රාමාත්‍යවරයකු මෙලෙස ජපානයට පැමිණියේ වසර 29 කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජපානයට පැමිණි තායිවානයේ උප අග්‍රාමාත්‍ය චෙං එහිදී ජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ටොෂිමිට්සු මොටේගි ද හමුවුණා
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ද්විපාර්ශවික ගනුදෙනු වර්ධනය මෙම සංචාරයේ අරමුණයි.

WhatsApp Group

Skip to content