ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඔවුන්ගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී පසුව විදුලි කණුවක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරෙන් පසු බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 26 සහ 27 යන වයස්වල පසුවන මාතර හා ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල පදිංචි අවිවාහක තරුණයන් දෙදෙනෙක්.

WhatsApp Group

Skip to content