ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍ය මසාටෝ කනිඩා මහතා පවසනවා .

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මැදි ආදායම්ලාභී රටවල ණය අර්බුදයට ජාත්‍යන්තර විසඳුමක් හිමිවිය යුතු බවයි .

එවැනි ක්‍රියාමාර්ග සඳහා පැරිස් සමාජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ ජපානය සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කර තිබෙනවා .

WhatsApp Group

Skip to content