සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාවට සහාය වන තීන්දු දෙකක් ජපාන දිස්ත්‍රික් උසාවියෙන් ලබා දී තිබෙනවා. ඒ අනුව ජපානයේ සමලිංගික විවාහ තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි යළිත් අධිකරණය තීන්දු කර ඇත්තේ.

දැනට සමලිංගිකයින් සඳහා පැහැදිලි නීතිමය ආරක්ෂාවක් ලබා නොදෙන එකම G7 රට ජපානය වන අතර සමලිංගික සංගම්වලට ඉඩ ලබා දෙන එකම රට වන්නේ තායිවානයයි.

මේ සඳහා මහජන සහයෝගය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බැවින් අගමැති ෆුමියෝ කිෂිඩාගේ රජය මෑත වසරවලදී මෙම ගැටලුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඡන්ද විමසීම්වලින් පෙන්නුම් කරන්නේ ද ජනගහනයෙන් 70%ක් සමලිංගික සංගම්වලට සහාය දක්වන බවයි.

WhatsApp Group

Skip to content