සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී තිබෙනවා.

ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ බලධාරියෙකු අතර පැවති හමුවකදීයි මේ පිලිබඳ අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කිසියම් පියාසර වස්තුවක් වෙනත් රටකට අනවසරයෙන් ඇතුළු වීම ආක්‍රමණයකට සමාන වන බව, ජපානය මෙහිදී පෙන්වාදී තිබෙනවා.

ඉකුත් වසර කිහිපය තුළ ජපාන ගුවන් සීමාව තුළ චීන ඔත්තු බැලුන රැසක් නිරීක්ෂණය කිරීමට ජපන් බලධාරින්ට හැකිවී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

WhatsApp Group

Skip to content