ඊශ්රායලයේ ඉදිකිරීම් රැකියා අවස්ථා හිමිවූ ලාංකිකයින් 46 දෙනෙකුට ගුවන් ටිකට්පත් ලබාදීම, විශේෂ නිපුණතා සහිත රැකියා (SSW) කාණ්ඩය යටතේ සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලැබූ 7 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම හා ජපානයේ IRO වැඩසටහන යටතේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභින් ලෙස ඉදිකිරීම් හා සාත්තු සේවා රැකියා සඳහා, ජපානය වෙත යාමට සුදුසුකම් ලැබූ 21 දෙනෙකු වෙත සුදුසුකම් සහතික ලබාදීම පසුගියදා සිදු කෙරිණි.
කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්රවණාගාරයේදී උත්සවය පැවැත්විණ.
මෙම රැකියාලාභීන් ඉදිරියේදී ඊශ්රායලය, ජපානය හා දකුණු කොරියාව බලාපිටත්ව යාමට නියමිතයි.
මෙම අවස්ථාවට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් මහතා, සාමාන්යාධිකාරී ප්රියන්ත සේනානායක, අතිරේක සාමාන්යාධිකාරී මංගල රන්දෙණිය යන මහත්වරුන් එක්ව සිටියහ.

WhatsApp Group

Skip to content