ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.

කොළඹ පිහිටි ජපාන රාජ තාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාල රාමුවක් සකස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කලා .

WhatsApp Group

Skip to content