විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපන් විදේශීය අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ දී පැවැත්වුණා.

මෙම හමුවේ දී ජපානය හා ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිලිබඳව දෙපලගේ අවධානය යොමු වී තිබෙනවා.

ජපාන ණය ආධාර ක්‍රම යටතේ ශ්‍රී ලංකාවට එහි මහජනතාවටත් ජපානය විසින් හෘදයාංගමව ලබා දී ඇති උදව් උපකාර පිළිබඳවත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජාතික රූපවාහිනී සංස්ථාව ඇතුළු ජපානයෙන් මෙරටට ලැබුණු වටිනා ජාතික සම්පත් පිලිබදවත් විපක්ෂනායක වරයා ජපන් රජයට මෙන්ම එහි පුරවැසියන්ටත් සිය කෘතඤතාවය පලකළා.

එසේම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පටු දේශපාලන තීරණ මගින් නවතාලීම නිසා සිදුවූ මතභේදාත්මක තත්ත්වය පිලිබදව කණගාටුව පළකර සිටි විපක්ෂනායකවරයා සිය රජයක් යටතේ එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට ජපානය සමඟ අතවැල් බැඳගැනීමට බලාසිටින බව ආවධාරණය කර තිබුණා.

WhatsApp Group

Skip to content