ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි ලබන සතියේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා දිනවල මෙම සංචාරය සිදු කිරීමට නියමිතව ඇති බවයි විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.

අදාළ සංචාරයට ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු සෙසු නිලධාරින් 24 දෙනෙකුගේ කණ්ඩායමක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව සදහන්.

2019 වසරෙන් පසු ජපානයේ අමාත්‍යවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වනවා.

අදාළ සාකච්ඡාවේදී ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා – ජපාන ද්විපාර්ශ්වික සහයෝගිතාව සම්බන්ධයෙන් ජපාන විදේශ අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද සඳහන්.

 

WhatsApp Group

Skip to content