ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා අතර නිල හමුවක් ඊයේ නිව්යෝර්ක් හිදී පැවැත්වුණා .

එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙරට ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බවයි .

එමෙන්ම ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවද එරට ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

නුදුරේදීම දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙස ද මෙහිදී එරට ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කරනු ලැබුවා .

WhatsApp Group

Skip to content