එක් තීරයක් – එක් මාවතක් ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් මහතා අතර නිල හමුවක් ඊයේ පස්වරුවේ බීජිං නුවරදී පවත්වා තිබෙනවා.

ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බව නායක දෙපළ මෙහිදී අවධාරණ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩ ඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ද නායකයන් අදහස් හුවමාරු කර ගත් අතර, ඒ පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content