ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ලෙසයි එම සාකච්ඡාව පැවැත්වෙන්නේ.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරින් සහභාගි වීමට නියමිතයි.

මේ අතර සමගි ජනබලවේගය සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

එහිදි බදු ඉහළ දැමීම, වෛද්‍යවරුන් රට හැරයාම ඇතු`ඵ වර්තමානයේ රට හමුවේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙරට ණය ගෙවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/09/SIYAMBALAPITIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content