බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, ජනතාවගේ පොදු යහපත උදෙසා නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් සමඟ රට යළි ගොඩනැඟීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලනඥයන්ට සහ පුරවැසියන්ට ආරාධනා කර සිටිනවා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් ඊයේ එම විද්‍යාලයේ පැවති රීඩ් මාවතේ සියවස් සැමරුම උත්සවයට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.

මෙරට පාසල් පද්ධතිය තුළ පවත්වාගෙන යන ගුණාත්මක අධ්‍යාපනය මෙහිදී අගය කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කළා.

WhatsApp Group

Skip to content