ත්‍රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.

ඒ අනුව මහවැලි ව්‍යාපාරයෙන් මඟහැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනය කරමින් මඩකලපු දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149වන සංවත්සරයට සමගාමීව විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද මෙහිදි කටයුතු කර තිබුණා.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුටත් මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/10/RANIL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content