මානව සම්පත සහ ගෝලීය පිහිටීම උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාව සීග්‍ර ආර්ථික වර්ධනයකට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම සිය අරමුණ බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මහනුවර ශාඛාව විවෘත කිරීමට එක්වෙමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් අනතුරුව රට සීග්‍ර වර්ධනයක් කරා ගෙන යන බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවේදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content