ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට සහ ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක වටිනාකමක් ඇති නිල ලංඡන ආපසු ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම ද්‍රව්‍ය ජුලි 31 වැනිදා වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙන ලෙස ඔහු දැනුම් දෙනවා. එමෙන්ම යම් තොරතුරක් වේ නම් 0112 354 354 අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටින්නේ .

2022 ජූලි 9 සිට ජූලි 14 දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමේදී, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන් සම්බන්ධ කබා ඇතුළු විවිධ වටිනා කෞතුක වස්තු සහ පුරාවිද්‍යාත්මක භාණ්ඩ අතුරුදහන් වුනා .

WhatsApp Group

Skip to content