පාසල් සිසුන්ට විවිධ මාධ්ය භාවිතයන් පිළිබඳ ප්රායෝගික දැනුම හා අත්දැකීම් ලබාදීමේ අරමුණින් ජනාධිපති මාධ්ය අංශය මඟින් ක්රියාත්මක කිරීමට නියමිත “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්ය වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්යාපන අමාත්යංශය, ජනාධිපති මාධ්ය අංශය, රාජ්ය හා පෞද්ගලික මාධ්ය ආයතන, විද්වතුන්, මාධ්ය ප්රවීණයන් ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත උපදේශන මණ්ඩලයක් සමග එක්ව මෙම වැඩසටහන ක්රියාත්මක කරනු ලබන අතර වැඩසටහන මාර්තු 20 වනදා ආරම්භ කෙරේ.

WhatsApp Group

Skip to content