අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

ගාසා තීරයට ආධාර සැපයීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය එකඟවී ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඊශ්‍රායල සංචාරය සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පලස්තීනයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රාලය අතර ගැටුම් ආරම්භ වූ අවස්ථාවේදී අමෙරිකාව සිය සහ ඊශ්‍රායලයට පළ කළ අතර, එහිදී යුධ ආදාර ලබා දීමටද අමෙරිකාව කටයුතු කළා.

මේ අතර හමාස් සංවිධානව ගාසා තීරයේ වහලුන් ලෙස පුද්ගලයන් 250ක් රඳවා සිටින බවට ප්‍රකාශයක් සිදු කර ඇති අතර, ඔවුන්ගේ ඉල්ලීම් වලට එකඟත්වය ලැබෙන්නේ නම් විදේශිකයන් ඇතුළු සෙස පුද්ගලයන් නිදහස් කරන බවටද ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content