ජනාධිපතිවරණයට පෙනී සිටි සියළු අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් ලැයිස්තුව ලබන මස 13 වන දාට පෙර ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කර දින 21 ක කාලයක් තුළදී අදාළ වාර්තාව කොමිසමට භාර දිය යුතු බව සඳහන්.

ඒ අනුව අදාළ වාර්තාව කොමිසම වෙත ලබාදීමෙන් අනතුරුව මහජනතාවට එය ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content