ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා අද රාත්‍රි 8ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘත්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09 තුළ රජය ගත් පියවර සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කරනු ඇති.

එමෙන්ම සමාජ, ආර්ථික හා දේශපාලිනක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉදිරිපත් කරනු ඇති.

ජනාධිපතිවරයා ජාතික අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය රාත්‍රි 8 ට අප වී.එෆ්.එම් ගුවන් විදුලි නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.

WhatsApp Group

Skip to content