ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 409 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 403 ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඉන් පැමිණිලි 812 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නයක මහතා පැවසුවේ බොහෝ පක්ෂ පවසන සමීක්ෂණ වාර්තා පිළිබදව අවධානය යොමුකොට පලක් නොවන බවයි.

WhatsApp Group

Skip to content