හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැක්මට අනුව තමන් රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කල බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

එමෙන්ම, රාජ්‍ය සම්පත් විකිනීමට විරෝධය පල කරමින් තමන් සමගි ජන සන්ධානයට එක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මේ අතර, ජනාධිපතිවරණය තම පාර්ශවය ජය ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ධුරය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

චන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන තෙක් කාලය අතිශය තීරණාත්මක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ප්‍රකාශ කළා.

දේශපානය තුල පවුල්වාදය ව්‍යාප්ත කිරීමට විවිධ පියවර ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

WhatsApp Group

Skip to content