2024 ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 408ක් ලැබී තිබෙනවා.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ සිට මේ දක්වා කාලය තුළ එම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

ඒ අතරින් එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ලැබී තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 392 ක් බව සඳහන්.

කෙසේවෙතත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ පසුගිය ජනාධිපතිවරණවලට සාපේක්ෂව මෙවර වාර්තා වී ඇති
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන පහත මට්ටමක පවතින බවයි.

WhatsApp Group

Skip to content