ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැළි හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා සති 6 ක කාලයක් ලබාදුන් බවත්, ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 වනදාට පෙර පැය 48 ක් තුළ සියලු ප්‍රචාරක කටයුතු නතර කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ප්‍රදේශයේදී පැවැත්වෙන අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වීමට නියමිතව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content