ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ අනුව 18 වන දායින් පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, සහ ආධාරකරුවෙකුට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම් වනු ඇති.

එමෙන්ම පොදු හෝ පෞද්ගලික වාහනවල, අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන දැන්වීම් ආදිය ගළවා ඉවත් කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය සතු බවද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා සති 6 ක කාලයක් ලබාදුන් බවත් ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 දාට පෙර පැය 48 ක් තුළ සියලු ප්‍රචාරක කටයුතු නතර කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයින්ට දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content