2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා .

ඒ අනුව සැප්තැම්බර් මස 21 වන දා ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි එම කොමිෂන් සභාව සදහන් කලේ.

අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මෙම දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව අගෝස්තු මස 15වන දා ජනාධිපතිවරනයට අදාළ නාමයෝජනා භාර ගන්නා දිනය ලෙසයි නම්කර ඇත්තේ .

මේ අතර ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයද මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන මස 14 වනදා දක්වා සෙනසුරාදා හා ඉරිදා දින හැර අනෙකුත් දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා කාලය තුල ඇප මුදල් තැන්පත් කළ හැකියි.

WhatsApp Group

Skip to content