ජනාධිපතිවරණයට අදාළව කටයුතු කිරීම සදහා පොලිස් මුලස්ථානයේ මෙහෙයුම් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ මැතිවරණ කටයුතු සදහා පොලිස් නිලධාරීන් 54000ක් පමණ යොදවා ඇති බවයි.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන සදහා නිලධාරීන් 13000ක් යොදවා ඇති අතර ජංගම රථ 3200ක් අදාළ කාල සීමාව තුළ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ මැතිවරණ රැස්වීම් සදහා ද විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content